“රටේ ආර්ථිකය පොහොසත් කරන්න නම් අපි අධ්‍යාපනයෙන් දරුවන් පෝෂණය කල යුතුයි.රජයකටවත් කරනන අපහසුයි.දරුවන් පරිගනක දැනුමින් පෝෂණය කිරීම.හැබැයි මම ඒක කරලා පෙන්නුවා. ඒක 2012 ආරම්භ කලේ ඡන්දය බලාපොරොත්තුවෙන් නොවේ.ඒත් සියයට පනස් එක තියනවා කියලා දකින වෙලාවට අනිවාර්යෙන්ම මා ඡන්දයට ඉදිරිපත් වෙනවා.” යැයි ප්‍රකට ව්‍යාපාරික හා ඩී පී එඩියුකේෂන් අයි.ටී.කැම්පස් නිර්මාතෘ ධම්මික පෙරේරා මහතා මාතර දී පැවසීය.
එම ව්‍යාපෘතිය යටතේ අධ්‍යාපනය හැදෑරූ සිසුන් සඳහා සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවයක් පෙරේදා (28) මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේදී පාලටුව බෞද්ධ පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රවේදී පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
“ලෝකයේ සෑම විශ්ව විද්‍යාලයකම අවම අවුරුදු තුනක්වත් අවශ්‍යයයි පාඨමාලාවක් අවසන්වෙලා රැකියාවක් කරන මට්ටමකට එන්න. හැබැයි මගේ මේ විශ්ව විද්‍යාලයෙන් ඉගෙන ගෙන අවුරුද්දකින් එළියට එන්නෙ හොඳ රැකියාවක් කරන්න පුළුවන් ළමයෙක්. අපේ ව්‍යාපෘති 100ක් ඉවර කරනව කියන්නෙම රුපියල් මිලියන 01ක පාඨමාලාවක් හදාරල අවසානයි කියන එක. අපේ අවුරුදු 2500ක ඉතිහාසයෙම අපි හැදුනෙ ගමේ පන්සලත් එක්ක. පන්සල කියන්නේ හැමදෙයක්ම කරන්න පුලුවන් තැනැක්.
අපි පන්සලෙන් ඈත් වූනා විතරයි අපේ ප්‍රශ්න වැඩි වුනා. අපි අද මේ තියෙන තැනට වැටෙන්න එක හේතුවක් තමයි පන්සලත් සමග තිබුණු මේ සම්බන්ධය අඩුවීම. මේ සංකල්පය නැවත ඇති කරන්න මම වැඩ පිළිවෙලක් සකස් කලා. ඒකෙදි මුලින්ම පන්සලතුල ධර්මයෙන් පොහොසත් ස්වාමීන් වහන්සේලා හදන්න අවශ්‍යයි. ඒකට තමයි මම පිරිවෙන් අධ්‍යාපනය වැඩි දියුණු කරන්න වැඩ පිළිවෙලක් හැදුවෙ. ඒ වැඩ පිළිවෙල දැන් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ්වගේම තමයි මට තව ඉලක්කයක් තියෙනවා ධර්මයෙන් පොහොසත් ස්වාමීන් වහන්සේලා 5000ක් නිර්මාණය කරල ඒ ඒ් රටවල භාෂාවලින් ධර්ම ප්රචාරයේ යෙදෙන ස්වාමීන් වහන්සේලා පිරිසක් බිහි කරන්න.
මම මේ විවෘත කරපු භාෂා පාසලෙන් ඒකට අවශ්‍ය භාෂා දැනුම ස්වාමීන් වහන්සේලාට මෙන්ම ළමුන්ටත් ගන්න පුලුවන්. මම මේ වෙන කොට පෙරපාසල් අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දෙන තැනටම මේ “ඩී.පී. එඩියුකේෂන් ” අධ්‍යාපනික මෙවලම හදල ඉවරයි. ඒ වගේම කියන්න ඕන මම මේ කැම්පස් එක ඇරල අවුරුද්දයි මාස තුනක් වෙනව. හැබැයි ඒක හදන්න මට අවුරුදු 12ක් ගියා.
මම මේ වෙනකොට පාසල් 675කට Smart Class Room (සුහුරු පන්ති කාමර) ලබා දීල තියෙනවා. ඉදිරියේදීත් තවත් පාසල් රැසකට මම ඒ පහසුකම ලබා දෙන්න සැලසුම් කරල තියෙනවා. අපිට මිල මුදල් නැති වෙන්න පුලුවන්. හැබැයි ඒක අපි සතුටට බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ. අපි නිතරම සතුටින් ඉන්න අවශ්‍යයි. මගේ මේ ව්‍යාපෘතිය ඇතුලෙ ව්‍යාපෘති 100 සම්පූර්ණ කරපු ළමයින් දන්නවා කොහොමද සතුටින් ඉන්නේ කියලා.
මේ ව්‍යාපෘති ඇතුලෙ අපි ළමුන්ට අධ්‍යාපනය විතරක් නොවෙයි ලබා දෙන්නේ. ඔවුන්ව සාරධර්ම වලින් පොහොසත් කරන්න, සතුටින් තියන්න, අවශ්‍ය දැනුමත් මේ පාඨාමාලා ඇතුලෙ අපි ලබා දෙනවා. මම මාතරට අයි ටී කැම්පස් 17ක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අවුරුදු දෙකකදී සිසුන් 17000කට පිටවෙන්න පුලුවන්. මගේ මේ ව්‍යාපෘති 324 ඇතුලෙ තියෙන ඉංග්‍රීසි වචන ටික දැනගත්තම අයි ටී කරන්න පුලුවන්. අද මෙතන ඉන්නවා අයි.ටී. සිලිකන් වැලි ඔෆිස් එකට සුදුසුකම් ලබන ළමුන් 72ක්. ඒකියන්නේ එයල ඉස්සරහදී හොද රැකියාවක් කරන කෙනෙක් කියන එක.
ක්‍රිෂාන් ජිවක ජයරුක්