මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාරයට එක් වන සිනොපෙක් සමාගමේ නිලධාරීන් කණ්ඩායමක් හා අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් පවත්වා තිබේ.
මෙහිදී ව්‍යාපර බලපත්‍ර සහ ගිවිසුමට අදාල කරුණු, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාල රාමුව පිළිබඳව සාකච්ඡා කරනු කර තිබේ.
එහිදී මැයි මස මැද වන විට ගිවිසුම් ගත වීමේ කටයුතු සිදු කිරීමටත්, ගිවිසුම්ගත වී දින 45ක් තුල මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යවරයා පවසයි.
මෙම සාකච්ඡාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද සහභාගි වී සිටියේය.