උඩවලව ජලාශයේ වාන් දොරටු තුනක් විවෘතකර ඇති බැවින් අම්බලන්තොට වලවේ ගඟ දෙපස පදිංචි කරුවන් හා ගඟ පරිහරනය කරන අය ප්ර වේශම් විය යුතු බව හම්බන්තොට වාරි මාර් ග ඉංජිනේරු මාලා සමරක්කොඩි මහත්මිය සඳහන් කලාය.
වාන් දොරටු තුනක් අඩියක් බැගින් විවෘත කර ඇති හෙයින් වලවේ ගඟට අක්කර අඩි 13000 ක පමන ජල ධාරිතාවයක් මුදා හැරෙන හෙයින් වලවේ ගඟ මුහුදට ගලා බසින අම්බලන්තොට අවට පහත්බිම්වලට හදිසි ජල ගැලීම් තත්ත්වයක් උදාවිය හැකි බව ඉංජිනේරුවරිය කියා සිටියේය.
අම්බලන්තොට වාඳුරුප්ප, බෝලාන, පට්ටිට වරාය, තවාළුවිවල, යන ප්ර දේශවලට ගඟේ ජලය පිටාර ගලා යෑමට ඉඩකඩ ඇති හෙයින් අවදානයෙන් සිටින ලෙසත් කිසිවිටක ගඟට බැසීම සිදු නොකරන ලෙසටත් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වලවේ ගඟ මුහුදට ගලා බසින පට්ටිය වරාය හා ගොඩවාය යන මෝය කට පිහිටි ස්ථාන දෙකම ජලය ඉතා හොඳට බැස යෑම සිදුවන හෙයින් ගඟේ ජලය බාධාවකින් තොරව බැසයෑම සිදුවන බවද සඳහන් කළාය.