දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු පමණක් බව සිංහරාජ වන ජීවී කාර්යාලයේ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා ප්‍රකාශ කළේය .
ඒ මහතා එලෙස ප්‍රකාශ කලේ කලවාන සම්බන්ධිකරන රැස්වීම අමතා කතා කරමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සිංහරාජ වනජීවී නිලධාරී සරත් විජේතුංග මහතා ප්‍රකාශ කළේ " පසුගිය වසරක පමණ කාලයක් තුළ අපට නිරීක්ෂණය වන්නේ සිංහරාජ වනාන්තරයේ වෙසෙන සද්දන්ත ඇත් පරපුරේ එක හස්තියෙක් පමණයි . කරපටි පැළදි වන අලියා පමණක් දක්නනට ලැබෙනවා. අනෙක් අලියා අපට හෝ ප්‍රදේශවාසින්ට දිගු කාලයක සිට දක්නනට ලැබිලා නැහැ. සිංහරාජය වනාන්තරය තුළ ජීවත්ව සිටි අලි දෙදෙනා මෙම අලි දෙදෙනායි . මේ වන විට අපට දක්නනට ලැබෙන කරපටි පැළදි අලියා මද කිපුණු ස්වභාවයක් පෙන්නුම් කරන අතර සිංහරාජ ආශ්රිත ග්‍රාම සීමාවල දක්නට ලැබෙනවා .සිංහරාජ වන අලි මේ ප්‍රදේශයේ සිට ගාල්ලේ දෙනියාය, නෙළුව ප්‍රදේශය දක්වා සැරිසරනවා. කලකට පෙර සිංහරාජ ලදු කැලෑ හා පරිවාර වන ලැහැබ වල හස්තියෙන් තිදෙනෙකු දක්නට ලැබුණත් දැනට දර්ශනය වන්නේ එක් හස්තියෙක් පමණයි . දැනට අතුරුදහන්ව පවතින අලියා පිළිබඳව . කෝපි කෑල්ල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සෝදිසියෙන් සිටිනවා. යැයි විජේතුංග මහතා ප්‍රකාශ කළේය .
කලවාන සම්බන්ධිකරනය කමිටු රැස්වීම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ සහා කලවාන ප්‍රාදේශීය ලේකම් ආර්.එච්.බී චමිල කුමාර මහාතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සිංහරාජ වනාන්තරයේ වෙසෙන අවසාන අලි දෙදෙනාගේ කලින් ලබා ගත් ඡායාරූපයක්.
උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම / ආර්. ඒ පියසේන