මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා පැවසීය.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් අද (08 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ආර්ථික අර්බුදය හමුවේ වුවද 2022 ට පෙර සිදු කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් කටයුතු සඳහා පසුගිය දෙවසර තුළ රජය විසින් රුපියල් බිලියන 390ක් ලබා දී ඇති අතර කොන්ත්‍රාත්කරුවන් සඳහා රුපියල් බිලියන 300ක්ද ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 90ක්ද වශයෙන් එම මුදල් වැය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා මෙසේද පැවසීය.
"රට මුහුණ දී තිබූ ආර්ථික අර්බුදය හමුවේ වුවද 2022 ට පෙර සිදු කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණක් පසුගිය දෙවසර තුළ රජය විසින් රුපියල් බිලියන 390ක් ලබා දී තිබෙනවා. එම මුදලින් කොන්ත්‍රාත්කරුවන් සඳහා රුපියල් බිලියන 300ක්ද ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 90ක්ද වැය කර තිබෙනවා.
ඒ වගේම රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සාර්ථක කර ගැනීම වඩාත්ම සතුටුදායක වන්නේ මහාමාර්ග අමාත්‍යාංශයට බව කිව යුතුයි. පසුගිය අර්බුද සමයේ අතරමඟ නැවතුන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට එමඟින් හැකියාව ලැබෙනවා. විශේෂයෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ 1 වන අදියර කඩිනමින් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
එසේම මධ්‍යම අධිවේගී මාර්ගයේ 2 සහ 3 අදියර, රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ඉදිරියේදී ආරම්භ වීමට නියමිත අතර අතුරුගිරිය කණු උඩ දිවෙන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මූල්‍ය ආයෝජන හරහා සිදු කිරීමට අදාළ ද්වීපාර්ශ්වික සාකච්ඡා සිදු කෙරෙනවා. මේ සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආයෝජන බලාපොරොත්තු වෙනවා.
එසේම මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. සමස්ත අධිවේගී මාර්ග ගාස්තු ගෙවීමද මාස කිහිපයක් ඇතුළත විද්‍යුත් ක්‍රමවේදයකට ගෙන එනු ලබනවා.
ඊට අමතරව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) සඳහා වන ආයෝජන යාවත්කාලීන කිරීම පිළිබඳව ජපාන රජය සමඟ මූලික සාකච්ඡා සිදු කරනු ලබුවා. ඒ අතර නව ව්‍යාපෘති රැසක් සඳහා චීනය, ඉන්දියාව සහ ජපාන රජයයන් සමඟ ද සාකච්ඡා කරමින් සිටිනවා.
ඒ අනුව ඉදිරි වසර පහ තුළ ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්රය 10%- 15% ක වේගයකින් වර්ධනය කිරීමට මේ වන විට සැලසුම් ක්‍රියාත්මක කර තිබෙනවා.