මෙවර සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන් සිය සංයුක්ත දීමනාව ලබා දෙන ලෙස ඉල්ලමින් අද (12) සවස 2.00 වන විට ඇගයීම් කටයුතුවලින් ඉවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් දන්වා සිටියි.
කලාප කාර්යාල මට්ටමින් පවත්වනු ලබන මෙම උද්ඝෝෂනය සඳහා මේ සඳහා සහභාගීවී ඇති ගුරුවරුන් 35,000 දෙනා සම්බන්ධවන බව හෙතෙම වැඩි දුරටත් සඳහන් කරයි. පසුගිය වසරේදී උසස්පෙල ඇගයීවලට සහභාගීවූ ගුරුවරුන්ට රු 2000- 3000 අතර සංයුක්ත දීමනාවක් ලබාදුන් නමුදු මෙවර එය සාමාන්‍ය පෙල ගුරුවරුනට ලබාදීමේ සූදානමක් නැතැයි ගුරු සංගමයේ ලේකම් පවසයි.
ඉන්දුමූර්ති ජයසූරිය