ශ්‍රී ලංකාවෙන් ලබාගත් කොවිඩ් ආසාදිතයන්ගේ සාම්පල 88කින් සාම්පල 82කම ඔමික්‍රොන් ආසාදිතයන් වාර්තා වි ඇති බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
ඉතිරි 6 දෙනා ඩෙල්ටා ආසාදිතයන් වෙයි. මෙම ආසාදිතයන් 82 ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
මේ පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට අද දුන්නේය.