ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අද (21) උදෑසන කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාල මන්දිරයේ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණ සිය ඡන්දය භාවිතා කරනු ලැබීය.
අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සාමකාමීව කටයුතු කර අලුත් ගමනක් යාමට සියලුදෙනා එක් විය යුතු බවයි.
මෙරට පැවති අස්ථාවරත්වය අවසන් කර මැතිවරණයක් පැවැත්වීමට හැකි පසුබිම සලසා දුන්නේ තමන් බව සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැත්වෙන මැතිවරණයේ දී තීරණය වන්නේ මෙරට ජනතාවගේ අනාගතය බවද පැවසිය.
රටේ පැවති තත්ත්වය සැලකිල්ලට ගත්විට නව නායකත්වයක් ගැන සලකා බැලීමට සුදුසු මොහොත මෙය බව විශ්වාස කරන්නේදැයි මෙහිදී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පසුගිය වසර දෙක තුළ තමන් රටේ ආර්ථිකය මෙන්ම ප්රජාතන්ත්රවාදය ද ශක්තිමත් කළ බවයි. ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය ආරක්ෂා කරමින් මැතිවණයක් පැවැත්වීමට හැකි වීම පිළිබඳ තමා නිහතමානීව ආඩම්බර වන බව පැවසූ ජනාධිපතිවරයා ඉදිරියට ද ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතින් සුරක්ෂිත කිරීමට කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
මෙම මැතිවරණය ශ්‍රී ලංකාවේ රවුම් ලක්ෂයක් බවත්, රට විනාශ කළ සාම්ප්‍රදායික දේශපාලනයෙන් සහ ආර්ථික ප්රතිපත්තිවලින් ඉවත්ව රට තුළ නව සමාජ හා දේශපාලන ක්‍රමයක් ගොඩනැඟීමට ලැබෙන වටිනා අවස්ථාවක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
තමන් වෙනුවෙන් ඡන්දය භාවිත කළ සියලුදෙනාට ස්තූතිය පිරිනැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාමකාමී හා නිදහස් මැතිවරණයක් රට තුළ පැවැත්වීමට හැකිවීම පිළිබඳ සිය සතුට පළ කළ අතර මැතිවරණයට සහභාගී සියලු අපේක්ෂකයන්ටත්, මැතිවරණ කොමිසමටත් සිය ස්තූතිය පිරිනැමීය.