අ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ සඳහා පත් කළ කමිටු වාර්තා 2024.06.14 දින ලැබීමට නියමිත අතර එම වාර්තාව මීළඟ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව එම දීමනා වැඩි කිරීමටත් අපේක්ෂිත බව ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.