![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_87a15eff3e.jpg)
අද (23) දින පැවැත්වුනු සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටිමට නියමිත මාතර වැලිගම ප්‍රදේශයේ සිසුවියක් අතුරුදන් වී ඇතැයි වැලිගම පොලීසිය පවසයි.
මෙසේ අතුරුදන්ව ඇත්තේ වැලිගම සුමංගල බාලිකා විද්‍යාලයේ 11 වැනි වසරේ ඉගෙනුම ලැබූ ජනීෂා ඉමායා කාවින්දි නම් 16 හැවිරිදි දැරියකි.
පසුගිය 03 වැනි දින සිට මෙම දැරිය පිලිබඳව තොරතුරක් නොමැති අතර නිවසේ කිසිවෙක් හෝ නොමැති අවස්ථාවේදී මෙසේ මෙම දැරිය අතුරුදන්ව ඇතැයි වැලිගම පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.
මේ සම්බන්ධව අදහස් දැක්වූ අතුරුදන් දරුවාගේ පියා වන නීල් පියන්ත මහතා මෙසේ පැවසීය.
“මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා, ලොකු දුවට වයස අවුරුදු 16යි, පොඩි පුතාගේ වයස අවුරුදු තුනහාමාරයි, දුව මේ පාර සාමාන්‍ය පෙළ විභාගය ලියන්න හිටියේ. පසුගිය 3වැනිදා ඉඳන් තමයි දුව අතුරුදන් වෙලා ඉන්නේ. අපි එදා ගමනක් ගිහින් ඇවිත් බලනකොට දුව ගෙදර නැහැ. හොයන්න පුළුවන් හැම තැනම බැලුවා දුව ගැන ආරංචියක් නැහැ. පස්සේ වැලිගම පොලීසියට පැමිණිලි කළා තවම දුව ගැන තොරතුරක් නැහැ. අද සාමාන්‍ය පෙළ විභාගය ලියන්න හිටියේ අනිත් ළමයි දකින කොට පපුව පිච්චිලා යනවා. මොකද දුව ගොඩක් මහන්සි වුණා විභාගය සමත් වෙනවමයි කියලා කිව්වේ. ඇඩිමිෂනුත් අත්සන් කරලා තිබුණේ. හිතාගන්න බැහැ වුන දේ. අද දුව ඉගෙන ගත්ත වැලිගම සුමංගල විද්‍යාලයෙන් විදුහල්පතිතුමා, ගුරුවරු කෝල් කරලා ඇහුවා දුව අද එනවද කියලා විභාගය ලියන්න කියලා, මට කියන්න දෙයක් තිබුණේ නැහැ. මම හැම දෙනාගෙන්ම ඉල්ලන්නේ මගේ දුව ගැන තොරතුරක් තියෙනම් වැලිගම පොලිසියට හෝ ළඟම පොලිසියට දැනුම් දෙන්න කියලා.”
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_009f323958.jpg)