සාගරිකා සීඝ්රගාමී දුම්රිය අද (12) උදැසන කළුතර කලමුල්ල ප්රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව කාර්යාල සේවකයින් දැඩි අපහසුතාවට පත්වූහ .
ඒ අනුව රුහුණු කුමාරි සීඝ්රගාමී දුම්රිය දුම්රිය ස්ථාන කිහිපයක නවතා ධාවනය කරවීමටත්, කළුතර දකුණ සිට ගල්කිස්ස බලා ධාවනය වන මන්දගාමී දුම්රිය මරදාන දක්වා ධාවනයේ යොදවන බවත් දුම්රිය ප්රකාශකයෙක් කිය.
මේ හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවයට ලක්වන අයුරු දැකගත හැකි විය.
පානදුර සුමිත් පොතුපිටිය