ජාතික තරුණ සේවා සභාව මඟින් සංවිධානය කළ Smart Youth Night සංගීත සංදර්ශන මාලාව සඳහා රුපියල් කෝටි 32කට අධික මුදලක් වැය කර ඇති බව ජාතික තරුණ සේවා සභාව සිදුකළ විගණන වාර්තාවක් මගින් හෙළිවෙයි.
මෙම විගණන වාර්තාවෙන් පෙන්වා දෙන පරිදි මේ සඳහා වැය කළ මුළු මුදල රුපියල් 323,393,249 ක් බව සඳහන් වේ. එවකට ජාතික තරුණ සේවා සභාව පාලනය වී ඇත්තේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා යටතේය.
මහරගම, ගාල්ල, අම්පාර, කුලියාපිටිය, පුත්තලම, දඹුල්ල, යාපනය, මහියංගනය, හැටන්, හිඟුරක්ගොඩ, බණ්ඩාරවෙල, වැලිසර, කොළඹ තුරග තරග පිටිය, ඛෙත්තාරාම ක්‍රීඩාංගණය යන ස්ථානවල මෙම සංගීත සංදර්ශන පවත්වා තිබුණි.
මෙම විගණන වාර්තාව සියලු ඇමුණුම් සහිතව මේ වන විට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇත.ඒ අනුව, මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා උපදෙස් ලබා දී තිබේ.
කමල් ශ්‍රී ලියනගේ