ස්පාඤ්ඤයේ කොරෝනා මරණ සංඛ්‍යාව 15,000 සීමාව ඉක්මවා යමින් 15238ක් දක්වා වර්ධනය වී තිබේ. ඉතාලියට පසුව මරණ සංඛ්‍යාව 15000 ඉක්මවූ රට වන්නේ ස්පාඤ්ඤයයි
කෙසේ වෙතත් එරට වාර්තා වන නව ආසාදිතයන්ගේ අනුපාතය මන්දගාමී තත්ත්වයක පවතී.
බ්‍රහස්පතින්දා සංඛ්‍යාලේඛනවලට අනුව, පසුගිය පැය 24 තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 5,756 ක් වූ අතර බදාදා වාර්තා වූ සංඛ්‍යාව 6,180 ක් විය.
අඟහරුවාදා සහ බදාදා දිනවල රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගියත් ඊට පෙර දින හතරක් රෝගීන් සංඛ්‍යාව අඩුවෙමින් පැවැතින.