තණමල්විල වැල්ලවාය මාර්ගයේ තෙළුල්ල 297 කණුව අසලදී ඉකුත් (06) වෙනිදා ස්කූටි වර්ගයේ යතුරුපැදියක් ලොරිරථයක ගැටීමෙන් සිදුවූ රියඅනතුරකින් යතුරුපැදියේ පසුපදිකාරිය වූ තිදරු මවක් මියගොස් ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය කලගහවෙල 100 කණුව අසල පදිංචි කේ.එම් නිමලාවතී (52) නමැති තිදරු මවකි.
ඇය සිය බෑණා සමඟ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් ඇඹිලිපිටියේ සිට මොනරගලට් යමින් සිටියදී තෙළුල්ල ප්රදේශයේදී ඉදිරියෙන් ධාවනයවෙමින් තිබූ ලොරිරථයක් ඉස්සරකිරීමට යාමේදී යතුරුපැදිය ලොරිරථයේ ගැටී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපදිකරුවූ කාන්තාව තණමල්විල ප්රාදේශීය රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව කාන්තාව මියගොස් ඇත.
යතුරුපැදිකරුගේ තත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කුඩාඔය පොලිස් ස්ථානාධිපති එස්.ටී.එම් රියාස් මහතා පරීක්ෂණ පවත්වයි.
මොණරාගල සුමනසිරි ගුණතිලක