පවතින සහල් හිඟයට හා මිල ඉහළ යාමට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වගකිව යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා චෝදනා කර සිටියි.
ඔහු පෙන්වා දෙන්නේ වී මිලට ගැනීම සඳහා අවශ්‍ය වෙලාවට වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දීමට එම නිලධාරීන් කටයුතු නොකිරීම උද්ගතව ඇති තත්ත්වයට හේතු වී ඇති බවයි.
ඒ අනුව මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් අමරවීර මහතා සඳහන් කර සිටියේ,
“මම කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීමට මුදල් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යාංශයෙන් අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියා. නමුත් මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් මෙන්ම, එවකට ජනාධිපති ආර්ථික උපදේශකවරයාත් වී අලෙවි මණ්ඩලයට මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කළා.
මේ නිසා සහල් මාෆියාව රිසි සේ ගොවියාත් පාරිභෝගිකයාත් සූරා ගෙන කෑවා.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කුඩා හා මධ්‍යම පරිමාණ හාල් මෝල් අයිතිකරුවන්ට වී මිලදී ගන්න මුදල් දුන්නා. නමුත් ඒ වැඩපිළිවෙළ නිසා ගොවියාටවත් පාරිභෝගිකයාටවත් සහනයක් ලැබුණේ නැහැ. මම අවස්ථා කිහිපයකදී මෙම කාරණය පෙන්වා දුන් නිසා අන්තිමට රුපියල් මිලියන 500ක් දුන්නා. හැබැයි එතකොට වී ඔක්කොම තිබුණේ මහ මෝල් අයිතිකාරයෝ
ළඟ. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නෙ නැහැ කියල කෑගහපු සමහර දේශපාලන පක්ෂවල ගොවි නියෝජිතයෝ වී අලෙවි මණ්ඩලයට වී ඇටයක්වත් දුන්නෙ නෑ” යනුවෙනි.