ගෙවිගිය මාස දෙකක කාලය තුලදි කුඩා හා මධ්‍ය පරිමාණ මොල් දෙසියකට ආසන්න ප්‍රමාණයක වි කෙටිම නවතා දමා තිබෙන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි.
වි මිල ඉහල යාමට සාපෙක්ෂව දැනට පවතින සහල් පාලන මිලට සහල් ලබා දිමට නොහැකි නිසා ඇතැම් කුඩා හා මධ්‍ය පරිමාණ මොල් හිමියන් කර්මාන්තය සිදුකර යාම නවතා දමමින් තිබෙන බවද එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සදහන් කළේය.
මිට මාස දෙකකට පෙර කුඩා හා මධ්‍ය පරිමණ මොල් හිමියන් දෛනික සහල් අවශ්‍යතාවයෙන් සියයට හැට පහක (65%) පමණ ප්‍රමාණයක් ලබාදුන් බවත් මහ පරිමණ මොල් හිමියන් සියයට තිස් පහක (35%) ප්‍රමාණයක් ලබාදුන් බවද පැවසිය.
මේ වන විට මහ පරිමණ මොල් හිමියින් විසින් දෛනික අවශ්‍යතාවයෙන් සියයට පනහක් (50) ලබා දෙන බවත් කුඩා හා මධ්‍ය පරිමණ මොල් හිමියන් ඉතිරි සියයට පනහ(50%) ලබා දෙන බවද සදහන් කළේය.
කුඩා හා මධ්‍ය පරිමාණ මොල් හිමියන් දෛනිකව වෙළද පොලට නිකුත් කරන සහල් තොග ප්‍රමාණය අඩුවන සෑම අවස්තාවකදිම සහල් මිල ඉහල ගොස් තිබෙන බවද පැවසිය.
අද (25) දිනයේදි ඇතැම් ප්‍ර දේශවල වී කිලෝවක මිල රුපියල් එක්සිය තිස්පහත් එකසිය හතලිහත් අතර(135-140) මුදලක් වු බවත් එම මිලට වි මිලදි ගෙන නාඩු සහල් කිලෝවක් රුපියල් 220 කට හා සම්බා සහල් කිලෝවක් රුපියල් 230 කට ලබා දිය නොහැකි බවද සදහන් කලේය
2022 ජුනි 10 දිනැති 2283/43 අංක දරණ ගැසට් නිවේදනයෙන් සහ 2022 මැයි 02 දිනැති 2278/02 දරණ ගැසට් නිවේදනය මගින් ලංකාවේ සහල් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල නියමකර තිබෙන බවත් මේ අනුව සුදු/ රතු කැකුලු සහල් කිලෝවක උ.සි.මි. රු 210/= සුදු/ රතු නාඩු සහල් කිලෝවක උ.සි.මි. රු 220/=සම්බා සහල් කිලෝවක උ.සි.මි. රු 230/= කීරි සම්බා සහල් කිලෝවක රුපියල් . 260/= කට අලෙවි කල යුතු බවද පැවසිය.
පවතින තත්ත්වය තුළ මෙම ගැසට් නිවෙදන දෙකම සංශෝධනය කර සුදු / රතු කැකුලු සහල් කිලෝවක උ.සි.මි. රු.230/= සුදු/ රතු නාඩු සහල් කිලෝවක උ.සි.මි. රු.240/= සම්බා සහල් කිලෝවක උ.සි.මි. රු.250/=කීරි සම්බා සහල් කිලෝවක . රු.260/=ක් බවට පත් කල යුතු බවද සදහන් කළේය.
මිට අමතරව ගොවින්ගේඉල්ලිම පරිදි නාඩු වි කිලෝවක ගැනුම් මිල රුපියල් 130 ක් බවට පත් කල යුතු බවත් විදේශ රටකින් සහල් මේට්‍රික් ටොන් හැත්ත දහසක් ගෙන්වන බවට ආණ්ඩුව සදහන් කලත් එම සහල් තොගය ප්‍රමාණවත් වන්නේ දින කිහිපයකට පමණක් බවද සදහන් කළේය.
රට තුල සහල් හිගයක් ඇති විම වැලැක් විමට හා සහල් මිල පාලනය කර ගැනිමට නම් කුඩා හා මධ්‍ය පරිමාණ මොල් හිමියන් ආරක්ෂා කර ගත යුතු බවත් මේවන විට රටතුල තිබෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ මොල් හාරසියක පමණ ප්‍රමාණයක් පමණක් බවද පැවසිය
එම මොල් ප්‍රමාණයෙන් මේ වන විට ක්‍රියා කාරි ලෙස සහල් නිෂ්පාදනය කරනු ලබන්නේ සියයට පනහක පමණ ප්‍රමාණයක පමණක් බවද සදහන් කළේය.