ලංකාවේ පවතින සහල් අර්බුදයට කෙටිකාලීන මෙන්ම දිගුකාලීන විසඳුමක් ලෙස වී අලෙවි කරන ගොවින් සහල් අලෙවි කරන පිරිස බවට පත් කරමින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍රකරගෙන සහල් සහ පලතුරු ආර්ථික මධ්‍යස්ථානයක් කඩිනමින් ස්ථාපිත කිරීම සිදුකළහොත් රටේ සහල් අර්බුදයට මෙන්ම පලතුරු අලෙවියට විසඳුම් ලැබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු වන අනුරාධපුර ටී .එම් .එස් .බණ්ඩාර මහතා රජයට යෝජනාවක්ගෙන එමින් පැවසීය.
තමන් වසර දහයකට ඉහතදී සිට පැවැති රජයන් කිහිපයකටම වී ගොවියා වී විකුණනවා වෙනුවට ඔවුන්ගේම සහල් නිෂ්පාදනය කොට වෙළඳපොළට රැගෙන එන ක්‍රමවේදය යෝජනා කළ ද ඒම යෝජනා සියල්ල පැවති රජයන් ඉවත දැමූ බවත් තමන් රටට ආදරය කරන සාධාරණ ව්යාපාරිකයකුන් ලෙස වර්තමාන ජනාධිපතිවරයාට කෘෂිකර්ම අමාත්‍යවරයාට වෙළඳ අමාත්‍යවරයාට අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හැටියට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට තීරණය කළ බව හෙතෙම සඳහන් කළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ සෑම ප්රදේශයකින්ම එළවළු පලතුරු පමණක් නොව විදේශීය රටවල නිෂ්පාදනය කරන අර්ථාපල් අල සුදුලූණු පරිප්පු සීනි කරවල ආදී ලුණු කැටේ සිට සෑම ආහාර ද්‍රව්‍යයක් ම අලවිකරන ප්‍රධානතම මධ්‍යස්ථානය බවට පත්ව තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට රජයේ අක්කර අට හමාරක පමණ ඉඩමක් පවතින බවත් එම ඉඩම රජයට පවරාගෙන පැත්තකන් දේශීය සහල් ආර්ථික මධ්‍යස්ථානයක් අනෙක් පස දීවයිනේ පලතුරු අවශ්‍යතාවය සහ අලෙවි කර ගැනීම සඳහා පලතුරු ආර්ථික මධ්‍යස්ථානයක් ඉතා කණිනමින් ඉදිකිරීමට හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.
ඒ සඳහා රජයට කිසිදු වියදමක් නොයන බවත් දිවයිනේ සෑම ප්රදේශයකින්ම තෝරා ගත් සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ට සහල් ව්‍යාපාරිකයන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට රජයේ සැලසුමකට සහල් අර් ආර්ථික මධ්‍යස්ථානයේ කඩකාමර ඉදිකර ගැනීමට හැකි බව හෙතෙම යෝජනා කළේය.
වී නිෂ්පාදනය කරන සහ එළවළු නිෂ්පාදනය කරන ගොවීන් තමන්ගේ අස්වැන්න නෙලා ඒවා වී වලට අලෙවි කිරීමකින් තොරව ගමේ ඇති සහල් මෝලකින් කොටා එළවළු පලතුරු රැගෙන එන අවස්ථාවේ එම වාහනේම යොදාගෙන සහල් ආර්ථික මධ්‍යස්ථානයට සහල් රැගෙන එන ගොවීන් බවට පත්වන බවත් එමඟින් ග්‍රාමීය ආර්ථිකයට ශක්තියක් ඇතිවන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
ප්‍රවාහන ගාස්තුව මෙන්ම අඩු මුදලකට ඉතා පිරිසිදු ගමේ ගොවියාගේ සහල් විවිධ ප්‍රදේශවලින් ආර්ථික මධ්‍යස්ථානයට එළවළු පලතුරු මෙන්ම අනෙකුත් ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එන ව්‍යාපාරිකයන්ට ඔවුන්ට අවැසි සහල් ප්‍රමාණය ද එම ස්ථානයෙන් ම රැගෙන යෑමේ හැකියාව පවතින බවද එමගින් ඒකාධිකාරී වූ සහල් මාෆියාවට තිත තැබීමට රජයට හැකි බව එම ව්‍යාපාරිකයා පෙන්වා දුන්නේය
රජයේ නියාමනයකට පාලනයකට ඇතිව රජයට බදු කුලී ගෙවන ගිවිසුම් ක්‍රමයක් යටතේ මෙම සහල් සහ පලතුරු ආර්ථික මධ්‍යස්ථාන නිර්මාණය කර ගැනීමට හැකි බවද එහි නියම සුදුසු පුද්ගලයන් වෙත ලබාදීම රජයක් විසින් සිදු කළ යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.
දිවයිනේ කිසිදු ස්ථානයක සහල් තොග වෙළඳ මධ්‍යස්ථානයක් නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවද පෙන්වාදෙන ඒ මහතා මෙවන විට ගොවීන් තම වී අස්වැන්න පමණක් ම අලවිකිරීම නැවතී ගොවියා ද සහල් නිෂ්පාදකයකු බවට පත්වන නිසාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ටද එමගින් තම නිෂ්පාදන සඳහා අලවියක් ඉල්ලුමක් ඇතිවන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම ක්‍රමවේදය අසාර්ථක වුවහොත් තමන් සතු ව්‍යාපාර සියල්ල වසා දමා එහි වගකීම බාර ගැනීමට තමන් සූදානමින් සිටින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පලතුරු අලෙවි කිරීම සඳහා ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොවීම නිසා ඇතිවන බරපතළ තදබදය ගොවීන් සහ ව්‍යාපාරිකයන් අතර ඇතිවෙන විරසකය දිනපතා උඩුදුවන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය
පලතුරු අලෙවි කිරීම සඳහා විශාල භූමි ප්‍රමාණයක ඉඩ අවශ්‍ය බවත් පලතුරු තැලීමකින් තොරව අලවි කිරීම සඳහා එය්රමාණවත් නොවන නිසා මෙම තත්ත්වය උදා වී තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
යාපනය හම්බන්තොට සූරිය වැව ආදී දිවයිනේ සෑම ප්රදේශයකින්ම දිනපතා පළතුරු කිලෝ ලක්ෂ ගණනාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන බවත් එම ස්ථානයෙන් විදේශ රටවලට අපනයනය කරන පලතුරු ටික ලබා ගැනීමටවත් ඉඩ හසර නැති බව ඔහු පෙන්වා දුන්නේය.
ග්‍රාමීය ප්‍රදේශවල පවතින වසා දැමූ වීමෝල් වලට ඇතිවන ඉල්ලුම එහි ඇතිවන නව රැකියා ඇතිවීම අඩු මුදලකට වී අලෙවිකරණ ගොවියා ප්‍රබල සහල් ව්‍යාපාරිකයෙකු බවට පත්වීම ගුණාත්මක ග්‍රාමීය සහල් මේ රටේ ජනතාවට අඩු මුදලකට ආහාරයට ලබා ගැනීමට හැකිවීම ආදී කරුණු රැසක් මෙම යෝජනාව තුළ ගැබ් වී තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
තමන් ඕනෑම අවස්ථාවක කිසිදු වරප්රසාදයකින් තොරව මේ සඳහා සහයෝගය ලබාදීමට රජයට කැමැත්ත පළ කරන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. අනුරාධපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මෙන්ම දඹුල්ල අවට ව්‍යාපාරික ආයතන රැසක් පවත්වාගෙන යන සේවක සේවිකාවන් හැටකට අධික රැකියා වරම් ලබාදී ඇති ප්‍රබල ව්‍යාපාරිකයෙක් වූ බණ්ඩාර මහතා පලතුරු පොල් සහ අනෙකුත් වගාවන් රැසක් කරන ප්‍රබල ගොවිමහතෙකු වීමද විශේෂත්වයකි ,