තණමල්විල-උඩවලව මාර්ගයේ දිවා රථවාහන කොමළිගම ප්රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු රථවාහන රාජකාරියේ යෙදී සිටියදී උඩවලව දෙසින් පැමිණි යතුරුපැදියකට නතර කරන ලෙස සංඥාකර ඇතත් පොලිස් අණනොතකා ඉදිරියටම ධාවනයකර තිබේ. පසුව පොලිස් නිලධාරීන් සිය යතුරුපැදියෙන් ඔවුන් ලුහුබැඳ ගොස් ඇති අතර ටික දුරක් යන විට අණනොතකා ධාවනයකළ යතුරුපැදිය පුද්ගලික ඉඩමකට ඇතුළුකොට නතරකර ඇත. පොලිස් නිලධාරීන් යතුරුපැදිය නතර නොකළේ ඇයිදැයි විමසූ විට ඔවු පවසා ඇත්තේ බීමත්ව සිටි නිසා නතරනොකළ බවයි.
යතුරුපැදිය අත්අඩංගුවටගෙන රැගෙනයාමට තණමල්විල පොලීසියේ අමතර නිලධාරීන් දෙදෙනෙක් ද පැමිණ තිබේ. ඒ අවස්ථාවේදී බීමත්ව පැමිණි තවත් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් සමඟ බහින්බස්වී ඇති අතර තරුණයින් තිදෙනා විසින් ඒ අසල තිබූ සවලක් සහ පොලුකැබලි කිහිපයක් ගෙන පොලිස් නිලධාරීන් සිව්දෙනාට පහරදී ඇත.
සිද්ධිය පිළිබඳව තණමල්විල පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්.පී බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සැකකරුවන් අත්අඩංගුවටගෙන පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් තණමල්විල රෝහලට ඇතුලත්කර තිබේ.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට කටයුතුයොදා ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක