ශ්‍රී ලංකාව රැක ගැනීමට අවශ්‍ය වූ බැවින් සර්වජන බලය සංවිධනය නිර්මාණය කළ බව එහි ජනාධිපතිවරණ අපේක්ෂඛ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.
සර්වජන බලයේ අපේක්ෂකයා ලෙස අද (04දා) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ඔහුව නම් කිරීමෙන් පසු සමුළුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නම් කිරීමට සර්වජන බලයේ විධායක සභාව ඒකමතිකව තීරණය කළ බව සමුළුව අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වීරසුමන වීරසිංහ, ගාමිණි වලේබොඩ, මහාචාර්ය චන්න ජයසුමන මෙන්ම හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, අරැස් සිද්ධාර්ත් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.