මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වසර ගණනාවක සිට පවතින අනධ්‍යන කාර්ය මණ්ඩල ගැටලු සඳහා වත්මන් රජය විධිමත් අවධානයක් යොමු නොකරන්නේ නම් ශිෂ්‍ය සංගම්වලද සහාය ලබාගෙන ඉදිරියේදී දැවැන්තත ක්‍රියාමාර්ගයක් දුන්නා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තිය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති ඩී.ඒ.ඩී. සුරංජීව මහතා පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සුරංජිව මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ මෙම ගැටළු විසඳා ගැනීම සඳහා මෙරට සියලු විශ්වවිද්‍යාල ඒකාබද්ධව මාස තුනකට ආසන්න වෘත්තිය ක්‍රියාමාර්ගක් දියත් කළ බවත් ගැටලු විසඳා දෙන බවට එවකට රජය විසින් ලබාදූ පොරොන්දු මත එම වෘත්තිය ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිට වූ බවත්ය.
විශ්ව විද්‍යාල අනධ්‍යයන කාරකාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 3000කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පමණක් පුරප්පාඩු 500ක් ඇති බවත් එම සේවක හිගය හේතුවෙන් ශිෂ්‍යයන් මෙන්ම වෙනත් අභ්‍යන්තර සේවා සැපයීමේදී ගැටළු මතුවී ඇති බවද ඒ මහතා කියයි.
මෙම පුරප්පාඩු හේතුවෙන් අනධ්‍යයන කාර්යය මණ්ඩලය ඇතැම් තනතුරු අහෝසි කොට තිබෙන බවදට චෝදනා කරන සුරංජීව මහතා විශ්ව විද්‍යාලවල නිල නිවාස හා නේවාසිකාගාර ඉතා පැරණි අබලන් තත්වයේ තිබෙන බවටද චෝදනා කරයි.