චීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5 එළැඹෙන අඟහරුවාදා (25දා) දිවයිනට ගෙන එන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙම එන්නත් තොගය ගෙන ඒමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන්හොන් මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවැති හමුකදීද තානාපතිවරයා සඳහන් කර ඇත්තේ එම එන්නත් තොගය 25 දා දිවයිනට ළඟාවීමට නියමිත බවයි.
සිය ට්විටර් ගිණුමෙන් ජනපතිවරයා සඳහන් කළේ චීන ජනපතිවරයාගේ කෘතවේදීත්වයට ස්තූතිය ප්‍රකාශ කරන බවයි.