ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ සමස්ථ ඡන්ද ප්‍රතිශතයෙන් සියයට 40ක් පමණ සෘජුවම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ප්රකාශවන බවත් ඉතිරි සියයට 60ක ඡන්ද ප්‍රතිශතය විපක්ෂයේ අපේක්ෂකයන් වෙනුවෙන් ප්රකාශවන බවත් ආණ්ඩු පක්ෂය ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හැරුණුවිට මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 37 දෙනෙකු ඉදිරිපත්වන බව කී අමාත්‍යවරයා විපක්ෂයට වෙන්වන සියයට 60ක ඡන්ද ප්‍රතිශතය විපක්ෂයේ සියලුම අපේක්ෂකයන් අතර බෙදීයනු ඇති බවයි.
විපක්ෂයේ සියලුම අපේක්ෂකයන් අතර සියයට 60ක ඡන්ද ප්‍රතිශතයක් බෙදීයනවිට ඔවුන්ට සියයට 20ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකිවනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
ඒ අනුව ප්‍රතිවාදී කිසිඳු අපේක්ෂකයකුට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාගන්නා ඡන්ද ප්‍රතිශතය අසලට ඒමට නොහැකිවනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සිකුරාදා (23) බදුල්ල ප්‍රාදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.