බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියලු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක නමැත්තා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ පැය 04ක කාලයක රහස් පාපෝච්චාරණයක් අද (06දා) කළේය.
සැකකාර සමන් රත්නායක නමැත්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට කළ නියමයට අනුව ඔහු මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු එලෙස පාපෝච්චාරණය කළේය.
රහස් පාපෝච්චාරණය කිරීම සඳහා ඔහු 04 වැනිදා පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කළ නියමයට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් විශේෂ ආරක්ෂාව යටතේ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව ඔහු අද (06දා) යළිත් වරක් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
බන්ධනාගාර නිලධාරීන් විසින් උදෑසන 9.00ට පමණ විශේෂ ආරක්ෂාව සහිත බන්ධනාගාර බස් රථයකින් ඔහු අධිකරණයට කැඳවාගෙන පැමිණි අතර දහවල් 11.00 පමණ වනතුරු ඔහු එම බස්රථයේ රඳවා තබන ලදි.
අධිකරණයෙන් ලද කැඳවීමකට අනුව දහවල් 11.00ට පමණ සැකකාර සමන් රත්නායක නමැත්තා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් විසින් පියවර ගන්නා ලදි.
පැය 04ක කාලයක් පුරා ඔහු රහස් පාපෝච්චාරණය කිරීමෙන් අනතුරුව සවස 3.00ට පමණ යළි බන්ධනාගාරයට රැගෙන යන ලදි.සැකකරු ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කෙරුණු අතර ඔහු මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් වෙන් කර රඳවා තැබීමටද මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියම කළාය.