ඉදිරි මහ මැතිවරණයේදී සමගි ජන සන්ධාන මැතිවරණ දිස්ත්‍රික් 22ටම තරග කරන බවත්, ඊට අදාළ නාමයෝජනා හෙට (10දා) සහ අනිද්දා (11දා) භාරදීමට කටයුතු කරන බවත්, සමගි ජන සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
කොළඹ අද (09දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“2024 පාර්ලිමේන්තු මැතිවරණ සඳහා සමගි ජන සන්ධානය මැතිවරණ පැවැත්වෙන දිස්ත්‍රික්ක 22ක් සඳහා අපේ නාමයෝජනා පත්‍ර සියල්ල මේ වන විට සූදානම් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ දිස්ත්‍රික් 22ටම තරගකාරී ලැයිස්තු ඉදිරිපත් කරන්න. මේ අවස්ථාවේ අපිට තිබෙන විශාලතම අභියෝගය තමයි, විශාල පිරිසක් නාමයෝජනා සඳහා ඉදිරිපත් වීමත්, ඒ වගේම විශාල තරගකාරීත්වයක් නාමයෝජනා ලබා ගැනීමට මේ වන විටත් ඇති වෙලා තිබෙන තත්ත්වය. ඒ කොහොම වුණත් පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය තීරණය කළා අපේ නාමයෝජනාවලට හැකිතාක් දුරට නව මුහුණුවරක් ලබා දෙන්න.
ඒ කියන්නේ අපි සම්ප්‍රදායකය ඉදිරිපත් කරන නම් ගණනාවක් තිබෙනවා. මොකද අපේ සංවිධායකවරුන්, අපේ හිටපු මන්ත්‍රීවරුන් සහ පක්ෂයේ පිරිසක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
නමුත් ඒ අතරතුරු මූලික වශයෙන් සෑම දිස්ත්‍රික්කයකම නව මුහුණු ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ කියන්නේ අපේ වෘත්තීය මට්ටමේ ලැයිස්තුවක්, ඒ වගේම තරුණ හා කාන්තා නියෝජනයක් හැකිතාක් දුරට පුරප්පාඩුව අනුව අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම අපි තීරණය කරලා තියෙනවා යම් ආකාරයක මහජනතාවගෙන් සාකච්ඡාවට,චෝදනාවට ලක්වුණු පුද්ගලයන් ඉදිරිපත් නොකර සිටීමටත් දැඩි ලෙස අපි උත්සහ කරලා තිබෙනවා. ඒ අනුව මේ සියලුම නාමයෝජනා 10වැනිදා සහ 11වැනිදා අපි භාරදෙන්න දැනට නියම කරලා තියෙනවා.”