සබරගමුව පළාත් ආදායම් දෙපාර්ත මේන්තුව මගින් වාර්ෂික ආදායම ලෙස රුපියල් මිලියන එක් දහස් එකසිය (1100)ඉකමවා ඇතයි පළාත් ආදායම් කොමසාරිස් නන්දනි ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.
සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකි රාජරත්න මහත්මයගේ ප්රධානත්වයෙන් පළාත් ආදායම් දෙපාර්ත මේන්තුවේ දි පැවති ප්රගති සමාලෝචන රැස්විමට එක්වු පළාත් ආදායම් කොමසාරිස් නන්දනි ගුණවර්ධන මහත්මිය එසේ පැවසුවාය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නන්දනි ගුණවර්ධන මහත්මියමෙසේද කිවාය. 2023වර්ෂයේ දි රුපියල් මිලියන 1124ක් උත්පාදනය කර තිබෙනවා මෙම වසර තුල මේවන විට රුපියල් මිලියන 1069ක් රජය වෙත මෙම පළාත තුලින් උත් පාදනය කර ඇති අතර වසර අවසාන වන විට රුපියල් මිලියන 1300ක් පමණ වන බවද ඇය පැවසුවාය.