සපුගස්කන්ද පිරිපහදුව අද සිට මෙහෙයුම් ආරම්භ කළ බවත් පසුගියදා ශ්‍රී ලංකාවට ළඟා වූ බොර තෙල් මෙට්‍රික් ටොන් 100,000 ඒ සඳහා මුදා හරිමින් පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
එසේම දෙවැනි බොරතෙල් තොගය රැගත් නේකාව ලබන සතියේදී දිවයිනට පැමිණිමට නියමිත බවත් එහි බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000 ක් ඇති බවත් අමාත්‍යවරය පවසයි.
මේ අනුව පිරිපහදුව අඛණ්ඩව දින 40ක් ක්‍රියාත්මක කරවිය හැකි බවද අමාත්‍යවරයා සදහන් කරයි. එසේම ගුවන් යානා ඉන්ධන තොගය අද රාත්‍රියේ ගොඩබෑම ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය.
සපුගස්කන්ද පිරිපහදුව මගින් සුපර් ඩීසල්, ඔක්ටේන් 95 පෙට්‍රල් හෝ වෙනත් ප්‍රිමියම් නිෂ්පාදන නිෂ්පාදනය නොකරන බවත් එයින් ඔටෝ ඩීසල්, 92 පෙට්‍රල්, දැවිතෙල්, ගුවන්යානා ඉන්ධන/භූමිතෙල්, නැප්තා, එල්පීජී, බිටුමන් නිෂ්පාදනය කරන බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් වැඩිදුරටත් පවසයි.