රිය අනතුරකින් මරණයට පත් ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත්නිශාන්ත පෙරේරා මහතාගේ අද 28 පැවත්වෙන අවමංගල්‍ය උත්සවයේ ආරක්ෂාවට වයඹ පළාතේ තොරාගත් පොලිස්ථාන වල පොලිස් නිළධාරීන් 380ක් යොදවා ඇති බව ආරච්චිකට්ටුවපොලීසිය පවසයි.
ඉකුත් 25දින සිට ආරච්චිකට්ටුව පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ කාර්යාල භූමියට ප්‍රභූවරැන් පක්ෂ විපක්ෂ නායකයින් ඇතුලුපාර්ලලිමේන්තු මැති ඇමතිවරුන් සහ විශාල ජනකායක් සහභාගී වන හෙයින් මෙන්ම 28දින අවමංගල්‍ය අත්සව දිනයේදී විශාලජනකායක් සහභාගී වීමට ඇති හෙයින් එම පිරිස් වල ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
මෙම නිළධාරීන් සඳහා නවාතැන් පහසුකම් ආරච්චිකට්ටුව බංඩාරහේණ පාරේ පිහිටි සිව්චතුරශ්ර සුභාරංචි සභාවේ පිහිටි භූමිය සහ ගොඩනැගිලි භාවිතා කරඇති බව ආරක්ෂක අංශ පවසයි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න.