ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (28) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පැවසීය.
දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක මිල රුපියල් 55 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 475කි.
අර්තාපල් කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 280කි.
රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 5 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 175කි.
රතු පරිප්පු කිලෝවක මිල රුපියලකින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 309කි.
සුදු නාඩු සහල් කිලෝවක මිල රුපියලකින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 206කි.
සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියලකින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 199කි.