ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කළ කිරීමට කටයුතු කර ඇති අතර අඩු කළ නව මිල ගණන් අද (4) සිට ක්‍රියාත්මක වන බවත් සතොස නිවේදනය කරයි.
චීනයෙන් ආනයන කළ අර්තාපල් කිලෝවක මිල රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රු 215කි.
රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 14 කින් අඩුකර ඇති අතර නව මිල රු 282කි.
සුදු සීනි කිලෝවක මිල රුපියල් 6 කින් අඩුකර ඇති අතර නව මිල රු 269කි.