ගෙවුණු සති අන්තයේ නල්ලතන්නිය-ශ්රීපාද මාර්ගයෙන් ශ්රීපාද වන්දනාව සඳහා දෙස් විදෙස් වන්දනාකරුවන් ලක්ෂ 03 කට ආසන්න පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ශාන්ත වීරසේකර මහතා පැවසිය.
වන්දනාකරුවන් අධික වීමෙන් නල්ලතන්නිය -ශ්රීපාද මාර්ගයේ මහගිරිදඹ සිට සීතගඟුල ප්රදේශය දක්වා දැඩි තදබදයක් පැවතුණි. පැය ගණනක් එකම ස්ථානයක රැඳි සිටිිමට සිදු වීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වූ බවත්, දුර බැහැර සිට පැමිණි බොහෝ වන්දනාකරුවන්ට ශ්රීපාදය වැඳපුදා ගැනිමට නොහැකිව ආපසු ගම්බිම් බලා යාමට සිදු වූ බවත් එම වන්දනාකරුවෝ අප සමග නල්ලතන්නිය නඟරයේදී පැවසුහ.
සැම සති අන්තයකම වන්දනාකරුවන් අධික විම හේතුවෙන් මෙසේ තදබදයකට ලක් වන බව නල්ලතන්නිය පොලිසිය පවසයි.