සමගි ජනබලවේගයට පෙර දැනුම් දුන් පරිදි ම 20වෙනිදායින් පසුව එම විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය පවසයි.
විවාදය සඳහා දින ලබාදෙමින් සමගි ජනබලවේගය විසින් ජාතික ජනබලවේගයට යොමු කළ ලිපියේ දිනය 17 වෙනිදා ලෙස සඳහන් වුවත්, එම ලිපිය ජාතික ජනබලවේගයේ විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නලින්ද ජයතිස්ස මහතාට ලැබී තිබුණේ ඊයේ (19දා) පස්වරුවේ ය.
සමඟි ජනබලවේගය විසින් විවාදය සඳහා විසිවනදායින් පසු දින හතරක් ලබාදී, ඇති අතර , ඔවුන් පළමුව දින ලබාදී ඇත්තේ ආර්ථික කමිටු අතර විවාදයට වන බැවින් ඒ සඳහා ද ජාතික ජනබලවේගය එකඟ නොවන බව එම පක්ෂය සඳහන් කරයි.
පළමුව නායකයින් අතර විවාදය පවත්වා, අනතුරුව ආර්ථික කමිටු අතර විවාදය පැවැත්වීමට ජාතික ජනබලවේගය යෝජනා කර තිබුණි.