ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා පළාත් ආණ්ඩුකාරවර තනතුරින් ඉල්ලා අස්වන බව ලිඛිතව ජනාධිපතිට අද (05) දින සවස දැනුම්දී තිබේ.
තමා ආණ්ඩුකාර තනතුරේ සිටියදි ජනාධිපති අපේක්ෂකයෙකුට උදව් කිරීමට නොහැකි බව කියමින් තනතුරින් ඉල්ලා අස්වු මුසම්මිල් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස
මහතාට උදව් කරන බවද ලිපියෙන් දන්වා තිබේ.
හිටපු ජනපති ගොඨාභය රාජපක්ෂ ජනපතිතුමන් විසින් ලබාදුන් ආණ්ඩුකාර තනතුර වත්මන් ජනපතිතුමන් සමගත් වෘත්තීයභාවයෙන හා අවංකභාවයෙන් සිදුකරගෙන ගියබවද ලිපියෙන් දන්වා ඇත.
2020 සැත්තැම්බර් 07 දින සිට 05 දින දක්වාම ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා ඌව පළාතේ ආණ්ඩුකාර තනතුර දරාමින් පළාතට විශිෂ්ඨ සේවයක් සිදුකර තිබේ.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි