විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ සමයේදී එම අමාත්‍යංශයේ සිදුව ඇතැයි කියනු ලබන වංචා හා දූෂණ සම්බන්ධව විගණන වාර්තා දෙකක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (3) පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් ඉදිරිපත් කළ නව යෝජනා සම්බන්ධයෙන් උපදේශක කාරක සභාවට යෝජනා ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී සඳහන් කළේය.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් මෙලෙස සභාගත කරනු ලැබුවේ වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යධූරය දැරූ 2017 වසරේ සිට 2019 වසර දක්වා කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කලාප කාර්යාලය මගින් නිවාස ණය හා ආධාර නිකුත් කිරීම, හිස් ඉඩම් බැහැර කිරීමේදී සිදු කර ඇති වැරදි හා අක්‍රමිකතා සම්බන්ධ වාර්තාව සහ 2016 සිට 2019 දක්වා කාලය තුළ ගම්මාන වෙනුවෙන් මුද්‍රණය කළ පෝස්ටර්, ආරාධනා පත්‍ර සහ සමරු කලාප සම්බන්ධ පරීක්ෂණ වාර්තා දෙකය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ ස්තූති කතාව සිදුකරමින් අමාත්‍ය ප්‍රසන්න රණතංග මහතා එම විගණන වාර්තා සභාගත කළේය.