ඉදිරි වසර 10 තුළ සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාවේ ප්රවීනත්වයක් ලබා ගැනීමට අවශ්‍ය ප්‍රවේශය සකස් කරන බවත් ඒ වෙනුවෙන් " English for all" වැඩසටහන ක්‍රියාවට නංවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
මෙම යෝජනාව තමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එදාද අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් ගෙන ආ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධව පාරට බැස්ස බව සිහිපත් කළ ජනාධිපතිවරයා එදා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට හැකි වුවා නම් අද ඉංග්‍රිසි භාෂාව පිළිබඳ ගැටළුවක් රට තුළ නිර්මාණය නොවන බවද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳන් කර සිටියේ ඊයේ (17) මල්වාන ජනතාව සමඟ පැවති හමුවෙන් අනතුරුව ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් නොතිබීම හේතුවෙන් තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළුවලට රජයේ විසදුම කුමක්ද කියා
තරුණයෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමිනි.
Gen Z පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා සැලසුම් නොමැති බොරු පොරොන්දුවලට සීමා වූ සජිත්ගේ සහ අනුරගේ දේශපාලන අවශ්‍යතාවල බිල්ලක් නොවන ලෙසද තරුණ තරුණියන්ගෙන් ඉල්ලා
සිටියේය.
ජන හමුව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අවස්ථාවේ මා නියෝජනය කළ බිගයම ආසනයට පැමිණ මල්වානේ ජනතාව හමුවීම සිරිතක් ලෙස මම සලකනවා. මාල්වානේ ජනතාව සෑම අවස්ථාවකම මට විශාල සහයෝගයක් ලබාදුන්නා. එදා මල්වාන ඉතා පුංචි නගරයක්.
වෙළෙඳ කලාපය ආරම්භ වීමත් සමඟ මල්වාන විශාල නගරයක් බවට පත්වී තිබෙනවා. විශාල දියුණුවක් ලබා තිබෙනවා. මල්වානේ වෙළෙඳාමත්, වෙළෙඳ කලාපයත් එක්ව මේ ප්‍රදේශයේ දියුණු ආර්ථිකයක් ගොඩනැඟී තිබෙනවා.
2022 වසරේ අප විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ මල්වානේ ජනතාව වෙළෙඳාම් කරන ජනතාවට ද විශාල පහරක් එල්ල වුණා. භාණ්ඩ ආනයනය කිරීමට විදේශ විනිමය තිබුණේ නැහැ. දැන් ඒ තත්ත්වයෙන් අප මිදී තිබෙනවා. දැන් රටේ ආර්ථිකය දියුණු වෙමින් පවතිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපට අවශ්‍ය මුදල් සොයා ගැනීම වෙනුවෙන් පියවර ගැනීමට මට සිදුවුණා. මුදල් මුද්‍රණය කිරීම හෝ ණය ලබාගැනීමට අපට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මට අසීරු තීරණ රැසක් ගැනීමට සිදුවුණා. නමුත් මාස හයක් පමණ ගතවන විට රුපියල ශක්තිමත් වෙමින් භාණ්ඩ මිලත් අඩු වී රට ස්ථාවර භාවයට පත්වීම ආරම්භ වුණා. මේ සියල්ල අතරතුර අපට
අඩු ආදායම්ලාභීන්ට සමෘද්ධිය මෙන් තුන් ගුණයක් ප්රතිලාභ ලබාදෙන අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, රාජ්‍ය අංශයේ වැටුප් ඉහළ නැංවීම සඳහා මේ වනවිට උදය ආර්. සෙනෙවිරත්න කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක කිරීමටත් හැකිවුණා.
එක් අතකින් ජනතාවට භාණ්ඩ මිල අඩු කිරීමෙන් සහනයක් ලබාදීමටත්, ආදායම වැඩි කිරීම මඟින් සහනයක් ලබාදීමටත් හැකි වී තිබෙනවා. නමුත් ඒ තුළ පරතරයක් තවම තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ ක්‍රමානුකූලව කටයුතු කරමින් ලබන වසරේදී ජීවන
බර විශාල ලෙස සැහැල්ලු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප නිවැරදි මාර්ගයක ගමන් කරමින් සිටිනවා. මේ සියල්ල සිදු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර, අපට ණය දී ඇති රටවල් 18 මගින් ලබාදී ඇති ණය සහනය අත්‍යාවශ්‍ය වෙනවා. අද අප මේ තත්ත්වයෙන් සිටින්නේ එම සහාය ලැබුණු නිසයි.අපට මෙම එකඟතා වෙනස් කළ නොහැකියි. එසේ කළහොත් සියල්ල කඩා වැටෙනවා.
සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාම බදු අඩු කරන බව ප්‍රකාශ කරනවා. එසේ සිදු කළ හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට හිමිව ඇති ආධාර අහිමි වෙනවා. ඩොලරයේ අගය ඉහල යමින් සියල්ල යළිත් කඩා වැටෙනවා. ඉදිරි වසර 5 තුළ අප ශක්තිමත් ආර්ථිකයක් ඇතිකර ගත යුතුයි. අපනයන ආර්ථිකයක් ඇති කරගනිමින් අපේ වෙළෙඳාම දියුණු කරගත යුතුයි.
එදා අප මෙහි තිබූ පොල්වත්ත වෙළෙඳ කලාපයක් බවට පත් කර අළුත් ආර්ථිකයක් නිර්මාණය කළා. ඒ නිසා බියගම නගරය ඇතුළු අවට ප්‍රදේශයට කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් ලැබුණා. බියගමට මා කළ දේ සමස්ත රටටම සිදු කිරීමට මට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අප බිංගිරිය, ත්‍රිකුණාමලය, යාපනය, හම්බන්තොට ආදී ප්‍රදේශවල විශාල ආයෝජන කලාප ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා
මල්වාන ප්‍රදේශයද මම අමතක කර නැහැ. කෑරගල ප්‍රදේශයේද අළුතින් අයෝජන කලාපයක් ඇති කිරීමට මම බලාපොරොත්තු වෙනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගෙන යාමත් සමඟ එම ප්‍රදේශයේ තාක්ෂණ කලාපයක් සමඟ නව නගරයක් ඉදි කළ හැකියි. එහි ඔබට වෙළෙඳාමේ නිරත විය හැකියි. ඒවගේම සියඹලාපේ මංසන්ධිය සඳහා යෝජිත නව රෝහල ද අප ඉදි කළ යුතුයි. ඒ නිසා ගෑස් සිලින්ඩර ලකුණට ඔබේ ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.
අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ආවොත් සිදුවන්නේ කුමක්ද කියා අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ඒ නිසා අප එම තත්ත්වයට යා යුතුද? අප සාමාන්‍ය තත්ත්වයට යා යුතුයි. ඔවුන්ට ඡන්දය දී නැවතත් රට නැති කරගන්න එපා. ඒවගේම ඇතැමුන් සමගි ජනබලවේගයට යනවා. සමගි ජනබලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂය නොවෙයි. ප්රදීපගම ආදර්ශ ගම්මානය නිර්මාණය කලේ මමත් ප්‍රේමදාස ජනාධිපතිතුමාත් එකට වැඩ කරලයි. එතකොට සජිත් හිටියෙත් නැහැ. ඒ නිසා සජිත්ට දෙන ඡන්දයත්, නාමල්ට දෙන ඡන්දයත් ඔබ බන්දේසියක තබා අනුරට දෙන ඡන්දයක් බව මම පැවසිය යුතුයි.
නැවත වරක් මා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මෙම ප්‍රදේශයත්, ප්‍රදේශයේ පාසලේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතුත් මා භාරගන්නා බව පැවසිය යුතුයි. එනිසා සැප්තැම්බර් 21වෙනිදා ගෑස් සිලින්ඩරය ලකුණ ඉදිරියෙන් ඔබේ කතිරයට
සටහන් කරන්න කියා මා ඉල්ලා සිටිනවා.