මෙවර ජනාධිපතිවරණයේදී සිය පක්ෂයද ඇතුළත්ව පක්ෂ විසිපහක් පමණ අගෝස්තු මස 8 වැනිදා සමගි ජන බලවේගයේ නායක සජිත් පේමදාස මහතාට සහයෝගය පල කිරීමේ ගිවිසුමට අනිවාර්යයෙන්ම් අත්සන් කරන බව මානුෂීය ජනතා සන්ධානයේ ප්රචාරක ලේක්ම් සමන් විජේවික්‍රම මහතා අද (4) කරන්දෙණියේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්චාව අගෝස්තු මස 2වැනිදා පස්වරුවේදී සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති බවත් ඒ අනුව පැමිණි එකගතාවය මත අගෝස්තු මස 8 වැනිදා පෙරවරුවේදි ගිවිසුමට අත්සන් කරන බවද ඔහු කීය.
ජනාධිපතිවරණයේදී සමගි ජන බල වේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නා බවත් ඒ ජය විජයග්රහණයක් බවට පත් කිරීමට මානුෂීය ජනතා සන්ධානය ඇතුලු අනෙක් පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට එකතුවූ බවද ප්‍රියන්ත මහතා කීවේය.
ඒ අනුව අගෝස්තු මස ගිවිසුම්ගතවිමෙන් අනතුරුව එදින සිට සජිත් මහතාගේ ජයග්‍රහණය කිරිමට කිරීමට කැපවෙන බවත් කී සමන් මහතා සමගි ජන බලවේගය පක්ෂයේ ආසන සංවිධායකයන්, දිස්ත්‍රින් සංවිධායකන් සමග ඉතාම සහයෝගයෙන් සහ සහජීවනයෙන් වැඩ කරන බවද පියන්ත මහතා කීය.