සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කීපදෙනෙකුත් අරගෙන එක්සත් ජාතික පක්ෂයේ පුමුඛත්වයෙන් නව සන්ධානයක් සතියක් දෙකක් යන්න කලින් පිහිටුවන බව ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු මහතා බදුල්ලේදී ඊයේ (26) දා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයෙන් එළඹෙන පළාත් පාලන මැතිවරණය සදහා ඉදිරිපත්වන බදුල්ල දිස්ත්‍රික්කයේ අපේකෂකයන්ගේ හමුවක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල රිවර් සයිඩ් හෝටලයේදී පැවැති අතර එහිදී හරින් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය .
“රනිල් වික්‍රමසිංහ මහතාටයි මටයි සමගි ජන බලවේගය කඩන්න කවදාවත් කිසිම උත්සාහයක් තිබුනේ නැහැ .
මටත් සජබ තවත් කීපදෙනෙක් අරන් එන්න තිබුණා .නමුත් ජනාධිපතිතුමා, එහෙම කරන්න එපා කිව්වා .
හැබැයි පසුගියදා එතුමා හික්කඩුවෙදි හම්බවෙලා කිව්වා දැන් ඇති, එන්න ඉන්න කට්ටියගමු කියලා.”
බදුල්ලේ පාලිත ආරියවංශ සහ ඇල්ල ප්‍රසාද් රුක්මල්
VIDEO