සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් නෙරපා හැරීම වළකාලන්නැයි ඉල්ලමින් හිටපු රාජ්‍ය සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම ඊයේ (17දා) ඇය ඉල්ලා අස්කර ගත්තාය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනයට සහාය පළ කළැයි චෝදනා කරමින් තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම වළකාලන්නැයි ඉල්ලමින් ගොනු කර තිබූ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් තම සේවාදායිකාවට නැතැයි දැනුම් දෙමින් ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම ඉවත් කර ගැනීමටට අවසර දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
හිටපු රාජ්‍ය සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, එහි සභාපති සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් පාර්ලිමේන්තු මහලේකම්වරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් නම් කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනයට සහාය පළ කළැයි චෝදනා කරමින් සමගි ජන බලවේගය පක්ෂයෙන් තමන් නෙරපීමට වගඋත්තරකරුවන් කටයුතු කර ඇතැයි සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබූ පෙත්සම්කාර ඩයනා ගමගේ මහත්මිය විනය පරීක්ෂණයක් හෝ නොපවත්වා පක්ෂ සාමාජිකත්වයෙන් තමන් නෙරපීමට වගඋත්තරකරුවන් ගෙන ඇති පියවර හේතුවෙන් ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය වී ඇති හෙයින් තමන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ගෙන ඇති පියවර වළකාලන ආඥාවක් නිකුත් කරන්නැයි පෙත්සමේන් ඉල්ලීමක් කර තිබිණි.
පෙත්සම කැඳවන ලැබූ අවස්ථාවේදී හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා කරුණු දක්වමින් තම සේවාදායිකාවගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කරමින් මේ වන විට අධිකරණය නියෝගක් නිකුත් කර ඇති හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක් නැතැයි පැවසීය.
ඒ අනුව පෙත්සම ඉල්ලා අස්කර ගන්නා ලෙස තම සේවාදායිකාව උපදෙස් දී ඇතැයි දැනුම් දුන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම නිෂ්ප්‍රභ කළේය.
පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා පෙනී සිටියේය.