නීතිඥ වෙස් ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරිමේ සිද්ධියට අදාළව ඇසින් දුටු තවත් එක් ප්‍රබල සාක්ෂියක් වන එම අවස්ථාවේ අධිකරණයේ මූලාසනයේ සිටි ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන්ද ප්‍රකාශ ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.
ඒ කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා ලිඛිතව ඉල්ලීමක් අනුව අවසර ලබා ගැනීමෙන් අනතුරුවය.
එම ප්‍රකාශයත් සමගම මේ වන විට ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසෙ මගින් සිදු කරන විමර්ශන වලට අදාළව පුද්ගලයන් 50 කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.
මනුෂ්‍ය ඝාතනය ඇතුළු අපරාධ රැසක් මෙහෙය වු පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාව ඉකුත් මස 19 වෙනිදින බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ අලුත් කඩේ. අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ රැගෙන ඒමෙන් අනතුරුව විත්ති කූඩුව මත සිටියදී නීතිඥ වෙස්ගෙන පුටුවක අසුන්ගෙන සිටි වෙඩික්කරු එකවරම අසුනෙන් නැගිට කූඩුව අසලටම පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ගිනි අවිය එම ස්ථානයේම දමා පලා ගොස් තිබිණි.