පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වනජීවී සංචාරක බංගලා කීපයක් යළි දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කොට ඇති බව වනජීවී දෙපාර්තුමේන්තුව පවසයි.
යාල ජාතික වනෝද්‍යානයේ පහළ හේන්තොට සංචාරක බංගලාව, තල්ගස්මංකඩ සංචාරක බංගලාව, වරහන සංචාරක බංගලාව, වස්ගමුව ජාතික වනෝද්යාචනයේ මහවැලි සංචාරක බංගලව සහ වවුල්ඇබේ සංචාරක බංගලාව මෙසේ වසා දැමෙන බව එම දෙපාර්තුමේන්තුව කියයි.
මේ දිනවල දිවයිනේ පවත්නා අයහපත් කාලගුණය හා ගංවතුර තත්ත්වය සැලැකිල්ලට ගනිමින් තම දෙපාර්තුමේන්තුව යටතේ පාලන වන මෙම සංචාරක බංගලා වසා දැමීමට පියවර ගෙන ඇති බවත්, පවත්නා කාලගුණික තත්ත්වය යහපත්වීමෙන් පසු එම බංගලා යළි සංචාරකයන් වෙනුවෙන් විවෘත කිරීමට පියවර ගන්නා බවද වනජීවී දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
ශාන් හුලංනුගේ