සංගීත ප්රසංගයකදී තරුණයෙකුගේ ගෙලකපා ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.
සැකකරු ප්රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇති අතර, ඇය දින කිහිපයකට පෙර ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවද සදහන් වේ. එම තරුණිය කළුතර ගමගොඩ ප්රදේශයේ පැවති සංගීත ප්රසංගයක් නැරඹීමට පැමිණ, ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමග නර්තනයේදී සිට ඇති බවද පොලිසිය සදහන් කරයි.
එහිදී උරන වූ සැකකරු නර්තනයේ යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බවද සදහන් වේ.
ගෙලට බරපතළ තුවාල ලබා සිටි තරුණයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගර නිළධාරින්ද පරීක්ෂණ සිදුකරන ලදී . ඝාතනය සිදුකල සැකකරු අත්අඩංගුවට ගෙන ඒ සදහා යොදාගත් බව කියන තියුණු ආයුධයක්ද සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්රිෂාන්ත මහතා ගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .සංගීත ප්රසංගයකදී තරුණයෙකුගේ ගෙලකපා ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ , ජන උදාන ගම්මානයේ පදිංචිව සිටී මෙනුර නිම්තර වනිගසේකර නමැති 20 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.
සැකකරු ප්රදේශයේ තරුණියක සමග විවාහ වී සිට ඇති අතර, ඇය දින කිහිපයකට පෙර ඔහු අතහැර ගොස් වෙනම ජීවත්ව සිට ඇති බවද සදහන් වේ. එම තරුණිය කළුතර ගමගොඩ ප්රදේශයේ පැවති සංගීත ප්රසංගයක් නැරඹීමට පැමිණ, ඇය සේවය කරන ඇඟලුම් කර්මාන්තශාලාවේ තරුණයෙකු සමග නර්තනයේදී සිට ඇති බවද පොලිසිය සදහන් කරයි.
එහිදී උරන වූ සැකකරු නර්තනයේ යෙදී සිට ඇති තරුණයාගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඇති බවද සදහන් වේ.
ගෙලට බරපතළ තුවාල ලබා සිටි තරුණයා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර, එහිදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගර නිළධාරින්ද පරීක්ෂණ සිදුකරන ලදී .
ඝාතනය සිදුකල සැකකරු අත්අඩංගුවට ගෙන ඒ සදහා යොදාගත් බව කියන තියුණු ආයුධයක්ද සොයාගත් බව පොලිසිය සදහන් කරයි.
කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතා ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් ක්රිෂාන්ත මහතා ගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය