තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විනය ක්‍රියාමර්ග ගන්නේ නම් ඊට විරුද්ධව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර තිබේ. 2022 වසරේ පැවති ආර්ථික අර්බුදයේ දී ගනු ලැබූ තීන්දුවක් මත පක්ෂයේ සියලු මන්ත්‍රීවරු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ බවත්, එසේ තිබිය දී මෙවර තීන්දු ගැනීමේ දී පක්ෂ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයට අනුකූල නොවන ආකාරයෙන් තීරණ ගෙන ඇති බව ද ඔහු සඳහන් කරයි.
එම තීන්දුව ගෙන ඇත්තේ අත්තනෝමතික ලෙස තෝරාපත් කරගත් දේශපාලන මණ්ඩලයක් විසින් යැයි ද සේමසිංහ මහතා පවසයි.
පක්ෂයේ කිහිප දෙනෙකුගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් ගනු ලැබූ තීරණයක් වෙනුවෙන් තමන් හෝ පාක්ෂිකයන් බැඳී නොමැති බව ද හෙතෙම අදාළ ලිපිය ඔස්සේ සඳහන් කරයි.