අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි දෙවන ප්‍රශ්න පත්‍රයට පෙනී සිටියදී අසාධාරණයට ලක්වූ බව කියන වත්තල ශාන්ත අන්තෝනි මහා විදුහලේ ආබාධිත තත්වයෙන් පසුවන සිසුවාට පළමු තෙදින සැපයූ පහසුකම් එලෙසින්ම ඉකුත් සිකුරාදා දින සිට විභාග නිරීක්ෂකයන් තිදෙනකුගේ සහය ඇතිව විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ලබා දී ඇතැයි වත්තල කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ බී කුමාරසිංහ මහතා ඒ පිළිබඳව කරන ලද විමසීමකදී පැවසීය.
කැලණිය කලාපය භාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා, නිල්මිණි පෙරේරා මහත්මිය සමග තමා අද 12 දිනත් අදාළ විභාග මධ්‍යස්ථානයේ නිරීක්ෂණ කටයුතු සිදුකළ බවත්, අදාළ සිසුවා සුපුරුදු පරිදි විභාගයට හොඳින් මුහුණ දෙමින් සිටින බවට නිරීක්ෂණය වූ බවත් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වුවද විභාග කටයුතුවලින් ඉවත් කරනු ලැබූ ශාලාධිපතිවරයා පිළිබඳව සහ අදාළ ආබාධිත සිසු දරුවා සම්බන්ධ සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණ කටයුතු අධ්‍යාපන ලේකම් හා විභාග කොමසාරිස් යන අධ්‍යාපන බලධාරීන් හරහා සිදුකෙරෙනු ඇති බවට ගුරු දෙගුරු බහුතරයක් විශ්වාසය පළ කර සිටිති. (IJ)
ස්ටැනිස්ලස් පයස්