මාර්තු 05 වනදා ශ්‍රීලන්කන් ගුවන් සේවය මිලදී ගැනීම සඳහා ලංසු විවෘත කිරීම සජිවීව සිදුකිරිමට නියමිතව තිබේ. එහිදී වැඩිම ලංසුවක් ඉදිරිපත් කර ඇති අයෝජකයෙක් තෝරා ගැනීමට වරාය, නාවුක සහ ගුවන් සේවා අමාත්‍යාංශය අවධානය යොමුකර තිබේ.
අවම වශයෙන් ඩොලර් මිලියන 500ක ආයෝජනයක් සිදුකළ හැකි මෙන්ම ගුවන් සේවයේ 6000කට ආසන්න සේවකයන් පිරිම ආරක්ෂා කර ගත හැකි ආයෝකයෙක් තෝරා ගැනීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.