කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා 11/09 දින අලුයම පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය තාක්ෂණික දෝශයකට ලක් වීම නිසා එම ගුවන් ගමන අවලංගු කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .
මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන ගුවන් යානය 11/09 දින අලුයම 12.30 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.
එහෙත් එම ඒ.- 330 වර්ගයේ ගුවන් යානය හදිසියේම තාක්ෂණික දෝෂයකට ලක් වීම නිසා , එම ගුවන් ගමන අවලංගු කර ඇති අතර , එම ගුවන් යානයෙන් හදිසියේම පිටත්ව යාමට අවශ්‍ය ගුවන් මගීන් , වෙනත් විකල්ප ගුවන් යානා මගින් පිටත් කර හැරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි.
අනෙකුත් ඉතිරි ගුවන් මගීන් පිරිස 11/10 දින අලුයම 01.45 ට පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා රැගෙන යන බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය .
එහෙත් 11/10 දින අලුයම 12.10 ට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 606 දරන ගුවන් යානයේත් ගුවන් ගමන් අවලංගු කර තිබේ .
මෙම ගුවන් ගමන් කීපයක් අවලංගු කිරීමට හේතු වී ඇත්තේ එකවර ගුවන් යානා කීපයක් කාර්මික දෝශ වලට ලක් වී පැවතීම බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිකුත් කළ ප්රවෘත්ති නිවේදනයක සදහන් වේ .