ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවවරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
මෙරට ගුවන්තොටුපොළ මිලදී ගැනීමට අදානි සමාගම පමණක් නොව චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැසක් බලාපොරොත්තුවෙන් සිටින බවත් අමාත්‍යවරයාසඳහන් කළේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවන් පසුගිය කාලයේ කළ වර්ජනහේතුවෙන් එම සමාගමට තිබූ පිළිගැනීම නැති වී ගිය බවත්ඒ හේතුවෙන් එම සමාගම නොමිලයේ දුන්නද භාරගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන තත්ත්වයකට පත්ව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගියදා ගුවන් මගීන් අපහසුතාවයට ලක්කළ ගුවන්යානා ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ අමාත්‍යවරයා, එම නිලධාරීන්ව දැඩි ලෙස දෝෂදර්ශයට ලක්කළේය.කාර්යමණ්ඩලයේ ප්‍රමාදයන් හේතුවෙන් මෙලෙස මගීන් දැඩි අපහසුතාවකට පත්වූ බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේදී ඊයේ (26දා) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදීය.