කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් 02/27 දින සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ( Flight Information ) ප්‍රකාශිකාවක පැවසුවාය.
මෙම ගුවන් යානා අතරින් 06 ක් ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වීම විශේෂත්වයකි. ඒ අනුව 02/27 දින අලුයම 01.10 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-173 දරන ගුවන් යානය , අලුයම 01.15 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය , දහවල් 01.45 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 127 දරන ගුවන් යානය ද එසේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීම අවලංගු වී තිබේ .
මීට අමතරව පස්වරු 05.10 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය ද , රාත්‍රී 06.30 ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානය ද , රාත්‍රී 06.50 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 207 දරන ගුවන් යානය ද පිටත්ව යාම අවලංගු කර තිබෙන බව එම ප්‍රකාශිකාව පැවසුවාය .
එසේම 02/27 දින අලුයම 02.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය .