දීර්ඝ කාලීන ණය ගෙවිම පැහැර හැරීමක් වැළැක්විම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙවීමට ඇති සියලුම විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ශ්‍රි ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදි ඔහු පැවැසුවේ රට මේ වන විට පැවතින තත්ත්වය අනුව ණය ගෙවීම අභියෝගයක් මෙන්ම ණය ගෙවා ගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවයි.
එසේම මේ වන විට රට තුල පවිත විදෙස් සංචිත ඉතා අඩුවී ඇති බවත් ඒවා ඉන්ධන, ඖෂධ ඇතුළු අත්‍යාවශ දෑ ගෙන ඒම වෙනුවෙන් යොදා ගත යුත බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකාව කිසිම දිනක ණය ගෙවීම පැහැර ඇති රටක් නොවන බවත් මෙය තාවකාලික පියවරක් පමනක් බවත් මහ බැංක අධිපතිවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසීය.
මේ පිළිබඳව සවිස්තර පැහැදිලි කිරීමක් මුදල් අමාත්‍යාංශය මගින්ද සිදු කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_6726ebee48.jpg)