ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස්කළ සවිස්තරාත්මක වාර්තාව එම ආයතය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
පිටු 95කින් සමන්විත එම වාර්තාව අනුව ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙමින් පවතින ආර්ථික අර්බුදය හා එයින් අත්මිදීම වෙනුවෙන් වූ නිර්දේශද ඇතුළත් කර තිබේ.
වසංගතයට පෙර කරනු ලැබූ බදු කප්පාදුව, වසංගතයේ බලපෑම, සංචාරක ක්ෂේත්රයේ කඩා වැටීම හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු කම්පනයකට ලක්ව ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාවේ ණය බර දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 119ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.
2022 වසරේදී අපේකෂා කරන ආර්ථික වර්ධනය 2.6ක් බවත් මේ වසරේ උද්ධනමය සියයට 10.5ක් වෙනු ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය ඩොලර් මිලියල 2204ක් දක්වා පහළ වැටී ඇති බවත් එය ප්‍රමාණවත් වන්නේ මසක ආනයන සඳහා පමණක් බවත් ඔවුන් පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවන මට්ටමට ළඟා වී ඇති බවත් පවතින අර්බුදය විසඳා ගැනීමට වැට් හා ආදායම් බදු ඉහළ නැංවිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.
සම්පූර්ණ වාර්තාව - file:///C:/Users/news/Downloads/1LKAEA2022001.pdf