ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම" යන යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත විය.
එම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 7ක් ලැබුණි. සාමජික රටවල් 47ක් මානව හිමිකම් කොමිෂම නියෝජනය කරන අතර ඒ අනුව රටවල් 20ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
විමසීම අද (06) පැවැත්වුණු අතර ඊට පෙර සැසිවාරය ඇමතූ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කළ නව යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් වූ යෝජනාව රටවල් 7 ක අනුග්‍රහයෙන් ඉදිරිපත් වූ අතර අද (06) වන විට තවත් රටවල් 23 ක් සම අනුග්‍රාහකත්වය ලබා දෙමින් සම්පූර් ණ රටවල් 30 ක සහයෝගය හිමිව තිබුණි.
ඡන්ද විමසීමේදී යෝජනාවට විපක්ෂව ශ්‍රී ලංකාවට සහයෝගය දෙමින් චීනය, බොලිවියාව, පාකිස්තානය, උස්බෙකිස්තානය, වෙනිසියුලාව, කියුබාව සහ එරිත්‍රියාව යන රටවල් ඡන්දය භාවිත කළ අතර ඉන්දියාව, ජපානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, ලිබියාව සහ ඉන්දුනීසියාව ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර විය.