ගුවන් මගීන්ගේ ඉල්ලුමට අනුව ශ්‍රී ලංකන් සමාගමට තවත් ගුවන්යානා 10ක පමණ අවශ්‍යතාවක් තිබෙන බවත් කල් බදු ක්‍රමයට ගුවන්යානාහතරක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණත් දැනට තිබෙන තත්ත්වය අනුව ලබාගත හැක්කේ ගුවන්යානා දෙකක් පමණක් බවත් ශ්‍රී ලංකන් ගුවන්සේවාසමාගමේ සභාපති අශොක් පතිරගේ මහතා සඳහන් කළේය. කල් බදු ක්‍රමයට ගන්නා එක් ගුවන්යානයකට ඩොලර් තුන්ලක්ෂ හැටදහසක් මාසයකට ගෙවීමට සිදුවන බවත් දැනට තිබෙන සමහර ගුවන්යානාවලට මාසයට ඩොලර් හත්ලක්ෂ පනස්දහසක් පමණ ගෙවන බවද පවසා සිටියේය.
මෙරට ගුවන්යානාවල ගමන් කිරීමට විශාල ඉල්ලුමක් තිබෙන බවත් අදාළ අවශ්‍යතාවන්ට භාවිත කිරීමට ප්‍රමාණවත් තරම් ගුවන්යානා නොමැති බවත්ගෙවී ගිය වසර තුන, හතර සැලකීමේදී මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොගෙන ගුවන් සේවාව පවත්වාගෙන ගිය බවත් එහෙත් මේ වන විට ඇති වූ යම් යම් තත්ත්වයන් මත මාස 06කට පමණ රජයෙන් සහන ලැබෙන බවද සඳහන් කළේය.
පවතින ඉල්ලීමට අනුව ගුවන්යානා 10ක්වත් ලබා ගත යුතු බවත් අඩුම වශයෙන් 06ක්වත් ලබා ගැනීමට අවශ්‍යතාවක් තිබෙන බවත් දැනට ගුවන්යානා 15ක් පමණ ධාවනය වන බවත් මේ මස මැද කාලය වන විට එම ප්‍රමාණය 17ක් පමණ වන බවද පවසා සිටියේය.
ගුවන්යානා 04ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබුණත් නිවැරදි ඩෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් අදාළ යානා ලබා ගැනීමේදී දැනට තිබෙන තත්ත්වය තුළ ලබාගැනීමට හැකිවන්නේ යානා දෙකක පමණක් බවත් මෙරට ලබා ගැනීමට සැලසුම් කළ යානා හතරෙන්ඉතිරි දෙක වෙනත් පාර්ශ්වයක් විසින් ලබා ගෙන තිබෙන බවද අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.